සන්නිවේදනය සදහා ඉදිරිපත් වී ඇති නිර්වචන

සන්නිවේදනය සදහා ඉදිරිපත් වී ඇති නිර්වචන


සන්නිවේදනය හඳුන්වන ඉංග්‍රීසි වචනය වන්නේ Communication යන්නයි.මෙය ලතින් බසින් බිඳී ආ වචනයකි.මෙහි ආරම්භක අවධිය පිළිබඳ නිශ්චිත මතයකට එළඹිය නොහැකි නමුත් මානව පරිණාමය ආරම්භ වූ කාලයේ සිටම සන්නිවේදනය ආරම්භ වන්නට ඇති බව වටහා ගත හැකිය.ලෝකයේ ශීඝ්‍රයෙන් නවීකරණය හා සමාජය වෙනසකට ලක්වන නිසා සමාජය තුළ පවත්නා සියල්ලම නිරන්තරයෙන් වෙනස්කමකට ලක්වේ. මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වන සන්නිවේදනය ද එකී ක්‍රියාවලියට ලක්වන නිසා නිශ්චිත නිර්වචනයක් ඉදිරිපත් කිරීම අපහසු වී ඇත. එහෙත් සන්නිවේදනය මූලික ස්වරූප පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණවලින් නිර්වචන රාශියක් ඉදිරිපත් වී ඇත. පසුගිය කාලය පුරාවටම ලෝකයේ වඩාත්ම අවධානයට ලක් වූ විශයක් ලෙස සන්නිවේදනය හඳුනා ගත හැකිය. මෙම හේතුව නිසාවෙන් සන්නිවේදනය පිළිබඳ අර්ථකථන, නිර්වචන, බහුලව ඉදිරිපත් වී ඇත. සන්නිවේදනය සාහිත්‍ය පෝෂණය වෙනවාත් සමඟම පර්යේෂණ කෘති රාශියක් බිහිවිය. සන්නිවේදනය සාහිත්‍යයේ ඉදිරිපත් වන සන්නිවේදනය සම්බන්ධ කරන සමස්තයක් ලෙස සන්නිවේදනය සඳහා ඉදිරිපත් වී ඇති නිර්වචන තුළ සන්නිවේදන මූලිකාංග සාධකයක් වඩාත් ඉස්මතු වෙයි. සන්නිවේදනය මූලිකාංග නම් වූ ශේෂේත්‍රය තුළ සන්නිවේදනය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචන පිළිබඳ අවධානය යොමු කරමු. 


 01."අප සන්නිවේදනය හැදෑරීම යනුවෙන් අදහස් කරන්නේ මිනිසා ගැන හැදෑරීමය."

             
           -මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ -

02."කිසියම් පණිවිඩයක් මගින් ඒකාබද්ධ කරනු ලබන ක්‍රියාදාමය සන්නිවේදනය වශයෙන් හැඳින්විය යුක්ති යුක්ත බව පැහැදිලිය."

               -මහාචාර්ය විමල් දිසානායක 1997-

03."ඉපදීමට වෙර දරමින් සිටි සන්නිවේදනය, මිනිසා පොළොව මත පරිණාමය වීමත් සමඟ බිහිවිය."

                 -ආචාර්ය ආරියරත්න ඇත්තුගල 1998 -                      

04."සංස්කෘතිය හා සන්නිවේදනය යනු විෂයයන් දෙකක් නොව එක් සජීවී විෂයක් ලෙස හැදෑරීමට සිදුව තිබේ. මානව සංස්කෘතික ඉතිහාසය එහි සන්නිවේදන ඉතිහාසය බව පැහැදිලි කර දීමට සිදුවේ."
                 -මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර (1997)-

05."සන්නිවේදනයෙන් ජන සන්නිවේදනයෙන් තොරව මිනිස් විඤ්ඤාණයට සාමාජීය වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් හෝ පැවතිය හෝ ක්‍රියාත්මක විය හෝ නොහැකිය."
                           
                                  සහ

06."සන්නිවේදනය වූ කලී අවම වශයෙන් විඤ්ඤාණ දෙකක් අතර සිදුවන අන්තර් සම්බන්ධතාවය වේ. මෙම අන්තර් සම්බන්ධතාවයෙහි ස්වරූපය හා ආකාර සමාජ ආර්ථික හා විද්‍යාත්මක තාක්ෂණික වර්ධනයන් සමග නිරන්තරයෙන් වෙනස් වේ"

                      -ආචාර්ය ටියුඩර් වීරසිංහ 1993-

07."සන්නිවේදනය මානව වර්ගයා තුළ අනියෝනී සබඳතා වර්ධනය කොට පොදු ඇඟකතාවයක් අපේක්ෂාවන් මත ඔවුන් ජීවත් කරවීමට හේතුකාරක වන්නා වූ දෙයකි."

                   -ආචාර්ය මාපා බණ්ඩාර තිලකරත්න-

08."සරල ලෙස සන්නිවේදනය යන්නෙහි තේරුම අදහස් හැඟීම් ප්‍රකාශ කිරීම හෝ මාරු කර ගැනීම යන්නයි."

           ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස 1998-



විදේශීය විද්වත් සන්නිවේදන නිර්වචන



09."සන්නිවේදනය යනු මානව සබඳතා පැවැත්වීමේ හා වර්ධනය වීමේ මාර්ගයයි සන්නිවේදනයට මනසේ සියලුම සංකේතයන් ද ඒවා අවකාශය තුළින් පතුරවාලීමේ ක්‍රම ද කාලයට අනුව ඒවා සංරක්ෂණය කිරීමද ඇතුළත් වෙයි."
                                       
                                        -චාල්ස් කුලී 1909-

10."සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතු කොට සන්නිවේදනය තුළින් පවත්වාගෙන යන සබඳතා ජාලයයි. චර්යාවට අදාළ සෑම සංස්කෘතික රටාවක්ම සහ සමාජ චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම කෙලින්ම හෝ වක්‍රාකාරව සන්නිවේදනය සම්බන්ධ කර ඇත."

                                        -එඩ්වඩ් සැපීර් 1935-

11."කවරෙක් විසින් කුමක් කුමන මාධ්‍යයකින් කවරෙකුට කුමක් අරභයා කියනු ලබයිද ඒ සන්නිවේදනය නම් වේ."

                                    -හැරල් ඩී ලැස්වෙල් 1948-

12."සන්නිවේදන ජීවියකු විසින් යම්කිසි උත්තේජනයකට දක්වනු ලබන ප්‍රතිචාරයයි."

                                 -ස්ටීවන්ස් පර්යේෂකයා 1950-

13."සන්නිවේදන යනු අනෙකක් නොව යම්කිසි පුද්ගලයෙකු විසින් අන්‍යයන් භාවිතය සඳහා උත්පාදනය කරන සංකේතාත්මක පණිවිඩයක් හෝ සංදේශයක් පණිවිඩයක් හෝ සංදේශය නිපදවන තැනැත්තා තමා යොදා ගන්නා ඛේදයට හා අරමුණුවලට අනුකූලව ග්‍රාහක සමූහයා විසින් පණිවිඩය සංදේශය ග්‍රහණය කරනු ඇතැයි විශ්වාස කෙරේ."
     
                                 -ඩෑන්ස්ට-

14."සන්නිවේදන යනු ප්‍රවෘත්ති හෝ තොරතුරු සංඥා පණිවිඩ හෝ දත්ත ආදිය කණ්ඩායමක් තුළ හෝ කණ්ඩායම් තුළ හෝ පුද්ගලන්තරව හෝ සම්ප්‍රේෂණය හුවමාරු කර ගැනීමයි මෙම සම්ප්‍රේෂණය හුවමාරුව  වාචිකව ලිඛිතව පුද්ගල අනුබද්ධව දුරකථනයක් මගින් ටෙලිග්‍රාෆ් මඟින් හෝ ගුවන් විදුලිය මගින් හෝ වෙනත් චැනලයක් මගින් සිදුවිය හැක."

                     - වෙබ්ස්ටර්ගේ මාධ්‍ය හා සන්නිවේදන                        ජාත්‍යන්තර ශබ්දකෝෂය 1990-

15."මානව සන්නිවේදනය වූ කලී සංවාදශීලී ද්විපාර්ශවීය ක්‍රියාවලියකි. මෙම ද්විපාර්ශවීය  ක්‍රියාවලියේ අරමුණු  දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අතර හෝ කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා අනුමැතිය ඇති කිරීමයි. එක් අයෙකු විසින් අනෙකා මත හෝ එකෙක් කණ්ඩායමක් මත හෝ සිය තනි මතය හෝ අදහස් පතල කිරීම හෝ ඒත්තු ගැන්වීමට තැත් කිරීමක් මෙමගින් කිසිසේත් අදහස් නොකෙරේ."

                           -කින්කයිඩ්-

16."සන්නිවේදනය අනුව මානව සබඳතා පැවැත්වීමේ හා වර්ධනය වීමේ මාර්ගයයි. සන්නිවේදනයට මනසේ සියලුම සංකේතයන් ද ඒවා අවකාශය තුළින් පතුරවාලීමේ ක්‍රම ද කාලයට අනුව ඒවා සංරක්ෂණය කිරීමද ඇතුළත් වෙයි."

                             -චාල්ස් කුලී 1990-

17."සන්නිවේදනය යනු පවත්නා රීති පද්ධතියක් මගින් විවිධ චර්යාංගයන් හෝ ජීවන ක්‍රම බෙදා හදා ගැනීමයි. එය අත්‍යවශ්‍යයෙන්ම සමාජ කටයුත්තකි."

                              -කොලින් චෙරි 1953-

18."සන්නිවේදනය යනු ක්‍රියාවලියකි. සන්නිවේදන අභ්‍යන්තර හෝ බාහිර වශයෙන්ද  වාචික හෝ අවාචික වශයෙන්ද අන්තර්ගතය හෝ සම්බන්ධතාවයක් සම්බන්ධතාවයක් පෙන්නුම් කරන අභිප්‍රායක් සහිත හෝ රහිත ක්‍රියාවලියක් වශයෙන් හැඳින්විය හැකිය."

                          -ලැරි බර්කර් සහ ජේ.කිබ්ලර් 1971-

19."සන්නිවේදන යනු තොරතුරු අදහස් සහ ආකල්ප එත පුද්ගලයකින් තවත් පුද්ගලයකට සම්ප්‍රේෂණය කිරීමයි."

                           -වොරන් ඇගී,1982-

20."අපි සන්නිවේදනයේදී මිනිසුන් ගැන හදාරමු. මිනිසුන් ඔවුනොවුන් හා  සම්බන්ධ වන ආකාරය ගැන මෙහිදී උනන්දු වෙමු. විමසිලිමත් වෙමු. එකිනෙකා, කණ්ඩායම්වලට, සංවිධාන වලට සමාජයන්ට සම්බන්ධ වන ආකාරයත් එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් බලපාන ආකාරයත්, අන්‍යෝන්‍යවශයෙන් ඉගෙන ගන්නා ආකාරයත්, අන්‍යෝන්‍ය වශයෙන් උගන්වන ආකාරයත් තොරතුරු ලබාදෙන සහ ලබා ගන්නා ආකාරයත්, අන්‍යෝන්‍ය  වශයෙන් විනෝදාසය ලබාගන්නා ආකාරයත්, ලබා දෙන ආකාරයත් යන සියලුම සන්නිවේදනය නම් වේ."

                              -විල්බර් ශ්‍රාම් 1973-


21."සන්නිවේදනය යනු මානව පැවැත්මේ සහ සමාජ ක්‍රියාවලිය අනිවාර්ය අංගයකි. සන්නිවේදයට අන්‍යෝන්‍ය වශයෙන් සිදුවන පුද්ගලාන්තර බලපෑම්  සියල්ලම ඇතුළත්ය. සන්නිවේදනය අනුව සමාජ වාහකයෙකි. සන්නිවේදනය මානව සමූහය අතර සිදුවන අන්තර් ක්‍රියාවලිය පහසුකරවනවා පමණක් නොව මිනිසුන්ට සමාජ සත්ත්වයන් ලෙස ජීවත්වීමට අවස්ථාව සලසයි."

                                   -විලියම් ආර් රිවර් 1971-


සන්නිවේදනය යන්න වියුත්පන්න වී ඇත්තේ ලතින් වචනයක් වන කොමියුනිස් යන්නෙන් වන අතර එහි අර්ථය පොදු බවය. සන්නිවේදන යන තොරතුරු සිතිවිලි අදහස් පණිවිඩ කරුණු චිත්ත වේගයන් සහ අවබෝධයන් එක් පුද්ගලයකුට ස්ථානයකට දෙයක් වෙත සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලියක් ලෙස සරල අර්ථ විග්‍රහ කර ගැනීමට හැකියාව ඇත. පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් අතර අදහස් හුවමාරු කර ගැනීම ගැනීමද වෙයි. සන්නිවේදනය පිළිබඳ ඉදිරිපත් වී ඇති  දෙස් විදෙස් නිර්වචන පිළිබඳ විමසා බැලීමෙන් වසර ගණනාවක් පුරාට එහි අර්ථය ක්‍රමානුකූල වෙනස්කම් රැසක් පවතී. මෙහි අපට විග්‍රහ කොටගත හැකිවන්නේ සන්නිවේදන යනු එකම ස්ථානයක හෝ එක් කාලවකවානුවක පමණක් තිබෙන දෙයක් නොව වෙනස් වන ලෝකයක තරගකාරී සමාජ රටාව තුළ සන්නිවේදන භාවිතය හා ඒ ක්‍රියාකාරීත්වය වෙනස් වන බවයි. එය දිනෙන් දින අලුත් වන දිනෙන් දින වැඩිදියුණු වන විෂය පථයක් ලෙස පෙන්වා දිය හැකිය. 








Post a Comment

Previous Post Next Post